ප්‍රදේශ කිහිපයකට දැඩි උණුසුමක්.

හෙට (22) දින ප්‍රදේශ කීපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙට දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පැවතිය හැකි බවත් එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

එම ප්‍රදේශවල ජනතාව ජලය ප්‍රමාණවත් ලෙස පානය කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Exit mobile version