එක්ස්ප්‍රස් පර්ල් හානියට අදාළ අතුරු දීමනාව භාණ්ඩාගාරයට.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බව වාර්තා වේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊට අමතරව රුපියල් මිලියන 16ක මුදලක් ද මේ වන විට භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැරූ පිරිවැය සහ ධීවරයින් වෙනුවෙන් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබාදී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම විසින් අදාළ ගෙවීම් සිදුකර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

Exit mobile version