දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන මස මුල කැබිනට් මණ්ඩලයට යොමු කරන බවත් , ඒ සඳහා පත් කළ කමිටුව අද (20) යළිත් රැස් වන බවත් එහි සභාපතිවරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස් රුවන්චන්ද්‍ර ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභය පියවා කාර්යක්ෂම සේවයක් සැලසීම සඳහා වන යෝජනා කමිටුව මඟින් සලකා බැලෙන බව සඳහන් .
එමෙන්ම කේ. ඩි. එස්. රුවන් චන්ද්‍ර ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ද කමිටුවට ඇතුළත් බවත් , එම යෝජනා සකස් කිරීමේදී ඔවුන්ගේ අදහස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් ය.