වෙරළබඩ දුම්රිය ගමනාගමනයට බාධා .

වෙරළබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ පයාගල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස්කන්දක් කඩාවැටීම නිසා ඊයේ (6) රාත්‍රී දුම්රිය දෙකක් පයාගල දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට සිදුවූ බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රාත්‍රී 9.25 ට පමණ විශාල පස් කන්ඳක් දුම්රිය මාර්ගයට කඩාවැවී ඇති අතර කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රී 7.30 ට පිටත්වූ ගාල්ල තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවෙන් රාත්‍රී 7.50 ට අලුත්ගම බලා පිටත්වූ මන්දගාමී දුම්රිය මෙසේ පයාගල දුම්රිය ස්ථානයේදී නතර කිරිමට සිදුව ඇති බව සදහන්.

දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිරීම ඊයේ රාත්‍රීයේ ආරම්භ කළ බවත් අද (7) පෙරවරුව වන විට මාර්ගය යථා තත්ත්වයට පත්කළ හැකිවනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා තිබේ.

Exit mobile version