ගුවන් සමාගමක අධ්‍යක්ෂකවරයෙකුගේ ඝාතකයන් සොයා විමර්ශන.

ගුවන් සමාගමක ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂකවරයෙකු ඝාතනය කළ සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 61 හැවිරිදි උඩුගම්පල පාර, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

පසුගිය 3 වැනිදා මරණකරුගේ නිවසට ඇතුළු වූ සැකකරු විසින් එම නිවසේ සේවයේ නියුතුව සිටි කාන්තාවකගේ අත් පා ගැට ගසා මරණකරු ට පිහියකින් ඇන තිබෙන බව වාර්තා වේ .

සැකකරු සම්බන්ධව සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදවා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන් .

Exit mobile version