මුදල් සහ රන් භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් සොයා විමර්ශණ.

මුහුණු පොතෙන් හදුනා ගත් තරුණිය සොයා ගිය තරුණයාගේ මුදල් හා රන් භාණ්ඩ සොරා ගත් කණ්ඩායම සොයා ඇල්පිටිය පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

22 හැවිරිදි බලපිටිය පාරුතොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර ඔහු සතුව තිබූ රන් භාණ්ඩ හා මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 7 ඉක්මවන බව සදහන්.

කෙසේ වෙතත් ඇල්පිටිය පොලිසිය සදහන් කරන්නේ සැකකරුවන් සොයා මේ වන විටත් විමර්ශණ ආරම්භ කර ඇති බවයි.

Exit mobile version