දරුවන් අපයෝජනය කළ සංචාරක මගපෙන්වන්නෙකු සොයා විමර්ශණ.

කැනඩා ජාතික දරුවන් දෙදෙනකු හට ලිංගික අතවර කළ සංචාරක මගපෙන්වන්නෙකු සොයා කොස්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කැනඩා ජාතික 16 හැවිරිදි ගැහැණු දරුවකු සහ පිරිමි දරුවකු ඔවුන්ගේ පියා සමඟ මෙරට සංචාරයකට පැමිණ තිබේ.

එම සංචාරය අතරතුරදී කොස්ගොඩ සිට ගාලු කොටුව නැරඹීම සඳහා වෑන් රථයකින් ගමන් කළ අවස්ථාවේදී මෙම සංචාරක මගපෙන්වන්නා විසින් මෙම ලිංගික අපයෝජනය සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙම දරුවන්ට ලිංගික අතවර කළ කොස්ගොඩ සම්පත් නැමැත්තා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

Exit mobile version