මුදල් සේප්පුවට හොර නෝට්ටු දැමූ සේවකයා සොයා විමර්ශණ.

වෛද්‍ය රසායනාගාරයක මුදල් සේප්පුවට ව්‍යාජ මුදල් නෝට්ටු ඇතුළු කළ සේවකයකු සොයා ජා-ඇළ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම මුදල් සේප්පුවේ තිබී ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් එහි සේවය කළ සේවිකාවකට හමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ආයතනය මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම මුදල් සේප්පුවට ඇතුළු කර ඇත්තේ එම ආයතනයේම සේවකයෙකු බවයි.

ඒ සම්බන්ධයෙන් ආයතන පාලන අධිකාරිය විසින් ජාඇල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

සැකකාර සේවකයා මේ වන විට පලා ගොස් සැඟව සිටින බවට පොලීසිය පවසයි.

Exit mobile version