බිරිඳට වෙඩි තැබූ සැමියා සොයා විමර්ශණ.

සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදුකළ සැමියකු සොයා පල්ලම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පනස් එක් හැවිරිදි කාන්තාව ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීමෙන් පසු පලාගිය සැමියා සොයා පල්ලම පොලිසිය මෙහෙයුම් සිදු කරනු ලබයි.

Exit mobile version