කතකට අයුතු බලපෑම් කළ ශිෂ්‍යයාට පහර දුන් පිරිස සොයා විමර්ශන .

කාන්තාවකට අයුතු බලපෑම් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පහර දුන් පිරිස සොයා මිනුවන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙවලපොල , ගනිහිමුල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි .

කාන්තාවක් මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම 16 හැවිරිදි පාසල් සිසුවා එම කාන්තාවට අයුතු බලපෑම් කර තිබෙන අතර පසුව එම කාන්තාව විසින් ඇයගේ සැමියාව මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ . පසුව එම සිසුවා සොයා පැමිණි සැමියා ඇතුළු කණ්ඩායමක් කාර් රථයකින් එම සිසුවා පැහැරගෙන ගොස් පහර දී තිබේ . පහරකෑමට ලක්වූ සිසුවා ඔවුන්ගෙන් මිදී පලා යාමෙන් අනතුරුව සිය පියා සමඟ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පහරකෑමට ලක්වූ සිසුවාට රෝහල් ගතවීමට මිනුවන්ගොඩ පොලීසිය උපදෙස් ලබා දී ඇති අතර සැකකරුවන් සොයා කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .

Exit mobile version