නිලධාරිනියට හිංසන කළ පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධව විමර්ශණ.

ආධුනික පොලිස් කොස්තාපල්වරියගේ ලැම අතගා හිංසන සිදු කළ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධව පලාලි පොලීසිය විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ආධුනික පොලිස් කොස්තාපල්වරිය තමාට වූ හිංසනය සම්බන්ධව සටහන් පොතේ තොරතුරු සටහන් කර ඇති බවට පොලීසිය පවසයි.

ඒ අනුව පලාලි පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අවධානය යොමුකර උසස් නිලධාරින් දැනුවත් කර විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version