මැණික් හොරු අල්ලන්න විමර්ශන.

රුපියල් ලක්ෂ අසූ පහකට  අධික වටිනාකමකින් යුතු මැණික් ගල් සහ ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන තුනක් සොරා ගත් පුද්ගලයින් සොයා වරකාපොළ පොලිසිය විසින් විමර්ශන කටයුතු  ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වූ පිරිසක් විසින් මෙලෙස මැණිල් ගල් සහ ජංගම දුරකථන සොරා ගෙන තිබෙන බව සඳහන් වේ.

Exit mobile version