බාල වයස්කාර දැරියක් අඹුව කරගත් පුද්ගලයකු සොයා විමර්ශණ.

වයස අවුරුදු 13ක බාල වයස්කාර දැරියක් සමග වසරක පමණ කාලයක් අඹු – සැමි ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බවට මදුරන්කුලිය පොලිසිය ප්‍රකාශ කල බව වාර්තා වේ.

සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බාල වයස්කාර තම දියණිය තරුණයෙකු සමග විවාහ වීමට සූදානම් වන බවට වන පැමිණිල්ලක් කාන්තාවක් මදුරන්කුලිය පොලිසියට සිදු කිරීමත් සමග ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිසිය පැමිණිලිකාර කාන්තාවගේ දියණියව කැදවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මෙහිදී ඇය පවසා සිටින්නේ අදාළ සැකකාර තරුණයා සමග වසරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පැවැත්වූ අතර එම කාලයේදී ඔහු සමග අඹුසැමි සබඳතා ද පවත්වාගෙන ගිය බවයි.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇති අතර වැඩිදුර විමර්ශණ කටයුතු මදුරන්කුලිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version