අනියම් පෙම්වතියගෙන් ලක්ෂ 27 ක් ගැරූ පුද්ගලයා සොයා විමර්ශන.

පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාන්තාවකගෙන් ඇයගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලයට දමා ඇයගේ සැමියාටද පෙන්වනවා කියා බිය ගන්වා තර්ජනය කරමින්  වසර හතරක පමණ කාලයක සිට රුපියල් ලක්ෂ 27 ක මුදලක් වරින් වර ලබාගත් බව පැවසෙන සැකකරුවකු සොයා  විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ඒ පදවි ශ්‍රීපුර පොලිස් ස්ථානයට අදාළ කාන්තාව විසින්ම  ඉදිරිපත් කොට ඇති පැමිණිල්ලකට අනුව බව සදහන්වේ

සැක කරු හා කාන්තාව අතර පැවති අනියම් පෙම අතර තුර මෙම චායාරූප සැකකරු සතුව ඇති බවයි වාර්තා වන්නේ.

වාර්තා වන ආකාරයට ඊට  සම්බන්ද සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි කරුවකු වන  අතර කාන්තාව වයස අවරුදු 50 ක් වන පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි කාරියක් බවයි සදහන්වන්නේ.

Exit mobile version