ඌර්ණ රෝම ධාතුව ඇතුළු භාණ්ඩ සොරාගත් සැකකරුවන් සොයා විමර්ශන.

තණමල්විල මහා විහාරයේ ඌර්ණ රෝම ධාතුව ඇතුළු භාණ්ඩ සොරාගත් සැකකරුවන් සොයා තණමල්විල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් රනින් නිමවූ ඌර්ණ රෝම ධාතුව, මුදලින් රුපියල් 10000ක්, සහ රුපියල් දස දහසකට ආසන්න වටිනාකමින් යුතු ජංගම දුරකථනයක් විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබී සොරාගෙන ගොස් ඇති බවට පොලීසිය පවසයි.

තණමල්විල මහා විහාරයේ විහාරාධිපති හිමියන් විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version