කැටයම් තාරක සහ කොස් ඇට මහතුන්ගේ බාල පුතා සොයා විමර්ශන.

බීමත්ව මාර්ගයේ නිදාගෙන සිටි පුද්ගලයෙකුගේ භාණ්ඩ සොරාගත් කැටයම් තාරක සහ කොස් ඇට මහතුන්ගේ බාල පුතා සොයා පොළොන්නරුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රියදුරු රැකියාවේ නිරතවන 45 හැවිරිදි පුද්ගලයෙකු මත්පැන් පානය කර ගල් තඹරාව පාසල ඉදිරිපිට නිදාගෙන සිටියදී සැකකරුවන් දෙදෙනා ඔහු සතු වූ භාණ්ඩ කොල්ලකා ඇති බව පොලීසිය පවසති.

පැමිණිලිකාර රියදුරාගේ ගෙල බැඳි රන්මාලය ,ජංගම දුරකථනය පසුම්බියේ තිබූ මුදල් මෙන්ම උපැස් යුවළ ද සොරකම් කර ඇති බව සදහන්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොළොන්නරු පොලීසිය මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

Exit mobile version