හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරාගේ රුපියල් කෝටියක් වටිනා නිල් මැණිකක් සහිත මුද්දක් , ඇමෙරිකානු ඩොලර් පන්දහසක් සහ ශ්‍රී ලංකා මුදල් රුපියල් ලක්ෂයක් සොරා ගත් පුද්ගලයා සොයා පොළොන්නරුව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ නිවසේ සේවය කළ බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සොරකම සිඳු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
