IOC ත් ගණන් උස්සයි

අද (21) සිට ලංකා IOC සමාගමත් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.

එම සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.20.00 කින් ඉහළ නංවා ඇති අතර රු.157.00 ට පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු.177.00ක් වේ.

එමෙන් ම Extra Premium 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල ද රු.210.00ක් ලෙස දැක්වේ.

ඩීසල් ලීටරයක මිල ද රු.10.00 කින් ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක නව මිල රු.121.00 ක් ලෙස දැක්වේ.

සුපර් ඩීසල් මිල ද ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රු.159.00ක් ලෙසයි.

Exit mobile version