සිවු දරු මවකි, වයස අවුරුදු 67කි, යකඩ ශක්තියකි, යකඩ ගැහැනියකි, යකඩ වැඩ කරන ඇය නමින් සොබාවතී වන, අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේගම ගම්මානයේ ජීවත්වන ආදරණීය මවක් පිලිබදව වාර්තා වේ.
වසර 40 ක් තරම් කාලයක සිට, තම සැමියා ඇයව හැරගොස් ගිය දා සිට සැමියා කරගෙන ගිය කම්හල් කර්මාන්තය තම දෑතේ ශක්තියෙන් කර ගෙන, දරුවන් සිවු දෙනකු ජීවත් කරවමින් ජීවිතය ගැටගසා ගන්නා ඇය දිරිය කාන්තාවකී.
විශේෂත්වය වන්නේ ඇයට පැය 03ක් වැනි කාලයක් තුළ ඕනෑම කම්මල් ආශ්‍රිත නිෂ්පාදනයක් ප්‍රමිතියෙන් සදා නිමකිරීමට හැකියාව පැවතීම බව සදහන් වේ.
