ලිස්ටීරියෝසිස් වසංගත තත්වයක් ද?

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර ඇත්තේ ලිස්ටීරියෝසිස් රෝගය ශ්‍රී ලංකාව තුල  වසංගත තත්වයක් බවට පත්ව නොමැති බැවින් මහජනතාව බියවිය යුතු නොවන බවයි.

ශ්‍රී පාදය අශ්‍රිතව වන්දනාවේ ගිය දෙදෙනකු හට මෙම රෝගය වැලදී මිය ගොස් ඇති බවට සමාජය තුල ඇතිවූ කතාවේ සත්‍යතාවයක් නොමැති බවත් ඔහුන් මිය ගොස් ඇත්තේ ලිස්ටීරියෝසිස් රෝගය වැළදීමෙන් බව මෙතෙක් අනාවරණය නොවී ඇති බවත් එම අංශය පවසයි.

මෙම රෝගය නිසි ප්‍රමිතියෙන් තොරව සකසන ලද මස්, කිරි හා ජලය ආශ්‍රිත ආහාර පාන පරිභෝජනය මගින් බෝවන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර ඇත්තේ.

එම නිසා ඒ ආශ්‍රිත ආහාර පාන පරිභෝජනයේදී මහජනතාව වඩා සැලකිලි මත් විය යුතු බව පැවසේ.

මෙම රෝගයයෙන්  වැඩි වසයෙන් ආරක්ෂා විය යුත්තේ වයස අවුරුදු 65 ට වැඩි අය හා ගර්භනී තත්වයේ පසුවන අය බව වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version