විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද ? හොරු බේරන්න ද ? – සජිත් ප්‍රේමදාස .

ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එක් වන ලෙස ජනපති විසින් විපක්ෂයට ආරාධනා කරනු ලබන්නේ හොරු අල්ලන්න ද ? හොරු බේරන්න ද ? යන වග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ ද , එම උදව් සම්බන්ධයෙන් තමා හොඳටම දන්නා බවත් , 2019 වර්සයේ දී ගෝඨාභය රාජපක්ස මහතා සමඟ ජනාධිපති වීමට තමාට උදව් කළ ආකාරයත් මනා සෙයින් දන්නා බවත් , එම උදව් අවශ්‍ය නොමති බවත් , ජනාධිපතිවරයා වීම තීරණය කරන්නේ දේශපාලන ඩීල්වලින් නොව රටේ ලක්ෂ දෙසිය විස්සගේ ඡන්දයෙන් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

තවද අවුරුදු 21ක් පුරාවට විපක්ෂ නායකකමේ පුටුව රත් කර කර සිටීමට තමාට කිසිසේත්ම උවමනා නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version