”ජාතික සම්පත් විකිණීම මඟුලක්ද? උගුලක්ද ?” අනුරගෙන් සම්මන්ත්‍රණයක්.

ඊයේ (07) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින්, ශ්‍රී ලංකාව විසින් ලබාගන්නා ණය නැවත නොගෙවන බවට මහ බැංකු අධිපතිවරයා පසුගිය වසරේ ගත් තීන්දුව රටේ ආර්ථිකය IMF න්‍යාය පත්‍රය හා සම්බන්ද වීමට  හේතුවූ බව පවසයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික සම්පත් විකිණීම මඟුලක්ද? උගුලක්ද ?” යන මැයෙන් සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයකට එක් වෙමින්  මහරගම තරුණ සේවා  ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී මෙලෙස පවසා තිබේ.

එම සම්මන්ත්‍රණයෙදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා තව දුරටත් ප්‍රකාශ කරන ලද්දේ.

මහ බැංකු අධිපති නන්දලාල්, ඔහුව මහ බැංකු අධිපති ලෙස පත් කරන්නේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 08 වනදා. ඔහු මහ බැංකුවට ගොඩ වෙලා ගත්තු පළමු තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවල්වලින් සහ මූල්‍ය අරමුදලවල් වලින් අරන් තියෙන ණය ගෙවන්නේ නෑ කියන එක. ඔබ හිතනවාද? කවර හෝ බහ බැංකු අධිපතිවරයෙකුට මහ බැංකුවට ගොඩවූ පළමු දවසේම එහෙම තීන්දුවක් ගැනීම.. එකත් එක්ක යම් අන්තර් සම්බධතාවයක් තියෙන බව ඔබට තෙරෙන්නේ නැද්ද.” 

ඒ විතරක් නෙමේ රටේ මූල්‍ය බලය මුලුමනින්ම පැවරෙන්නනේ පාර්ලිමේන්තුවට. එ්කට අත තියන්නත් බෑ කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. හැබැයි කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් දැනුම්වත් කිරීමකින් හෝ තීන්දුවකින් තොරව මහ බැංකු අධිපතිවරයා විසින් තීන්දුවක් ගන්නවා.. අපි ණය ගෙවන්නේ නෑ කියලා. මා දැක්කා පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවෙනවා කියලා.” 

අරන් තියෙන ණය ගෙවන්නේ නැතිනම්.. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට යා යුතුමයි. වෙන විකල්ප පාරවල් කිසිවක් නෑ.  ඉන්දියානු රජය ණයක් දෙන්නේ ආපසු ඒ ණය ගෙවනවා නම් විතරයි.” 

ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට යම් සහන ණයට ලබාගන්න තිබුණා. ඒ සියල්ල අප්‍රේල් මාසේ 12 වනදායින් පස්සේ ගිලිහි ගියා. මහ බැංකු අධිපතිගේ තින්දුවත් එක්ක අපේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එක්ක ගැටගැහුවා.”

Exit mobile version