ISIS සංවිධානයේ නායකයා මිය යයි.

අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් සිරියාවේ ඇති වූ ගැටුම්වලදී ජීවිතක්ෂයට පත් වූ බවට එම සංවිධාන විසින් පිළිගෙන ඇති බව වාර්තා වේ.

හයාට් අලි සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවූ ගැටුමකදී මොහු මියගොස් ඇති බව සදහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අයි.එස්.සංවිධානයේ සිව්වන නායකයා වන අතර නව නායකයෙකුද පත් කර තිබේ.

ඔහු හදුන්වා ඇත්තේ අබි හෆ්සාන් අල් හසීම් ලෙසයි.

Exit mobile version