අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16, 17 දෙදින අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවා තිබෙන බව වාර්තා වේ .
මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එදින සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන් කරගත් සේවාලාභීන්ට ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බවයි.
