සෞඛ්‍ය හිඟ බිල්පත් ගෙවීමට තීරණය කරලා.

සෞඛ්‍ය අංශයේ මසකට වැඩි කාලයක් තිස්සේ පවතින හිඟ බිල්පත් ගෙවා අවසන් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඖෂධ මිලදී ගැනීම, හිඟ බිල්පත් ගෙවීම වැනි අත්‍යවශ්‍ය සෞඛ්‍ය වියදම් සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් ලබාදීමට කටයුතු කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ඖෂධ මිලදී ගැනීම් වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විවිධ සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ මුදල් පියවීම සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් යටතේ මුදල්  වෙන් කිරීමට ජාතික අයවැය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Exit mobile version