පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට සිව් වසරක්.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අද(21)දිනට සිව් වසරක් සපිරෙන බවට වාර්තා වේ.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක්ද, කොළඹ සුඛෝපභෝගි හෝටල් තුනක්ද ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

එදිනම ,දෙමටගොඩ පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා වූ අතර සමස්ත ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනෙකු,පොලිස් නිලධාරින් තිදෙනෙකු සහ බෝම්බකරුවන් අට දෙනා ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්වූ අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබූ බව සදහන්.

එමෙන්ම මෙම මියගිය පිරිස් සිහි කරමින් අද (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිතය.

Exit mobile version