ආහාරවල මිල ගණන් සටහන් කිරීම අනිවාර්ය කෙරේ.

ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බවට වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඊට අදාළ කඩිනම් පියවර ගන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන් බවයි.

ආහාරවල මිල ගණන් නිසි පරිදි ප්‍රදර්ශනය නොකිරීමෙන් පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා පැවසුවේ, අදාළ වැටලීම් ලබන සතිය පුරා ක්‍රියාත්මක බවයි.

Exit mobile version