මිනුවන්ගොඩ – ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැර ගත් බව වාර්තා වේ.
15 හැවිරිදි මෙම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ පුද්ගලයා විසින් මෙම පැහැර ගැනීම සිදු කරන්නට ඇතැයි දැරියගේ මව චෝදනා කරන බව සඳහන්.
මෙම දැරිය මෙම පුද්ගලයා සමඟ තිබූ ප්‍රේම සම්බන්ධතාව නැවැත්වීම හේතුවෙන් උරණ වූ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමඟ පසුගිය අප්‍රේල් 10 වනදා දැරියගේ නිවසට පැමිණ තර්ජනය කර තිබේ.දැරියගේ මව විදේශගතව සිටින අතර 15 හැවිරිදි දැරිය සිද්ධිය සම්බන්ධයෙන් මවට දැනුම් දී තිබේ. අනතුරුව දැරිය වැල්ලවාය ප්‍රදේශයේ ඥාති නිවසක් වෙත යැවීමට මව කටයුතු කර තිබේ.
නමුත් අප්‍රේල් 12 වනදා එම ඥාති නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් 15 හැවිරිදි දැරිය පැහැර ගත් බව සිය ඥාතීන් දැනුම් දුන් බව මව ප්‍රකාශ කර තිබේ.දැරිය පිළිබද තොරතුරක් වෙතොත් 076 883 6225 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මව ප්‍රකාශ කර තිබේ.
“මම විදේශගත වෙලා හිටියේ. දුව මට කෝල් කරලා කිව්වා මට මේ සම්බන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ. එයා මට නිදහසේ ඉන්න දෙන්නේ නෑ කියලා. කොල්ලාගේ ගෙදරින් තර්ජනය කළා. පිරිමි ළමයාගේ නැන්දම්මත් තර්ජනය කළා, එයාලා සල්ලිවලට මිනී මරණ කට්ටිය බය නෑ නීතිය ගැන දන්වා කියලා තමයි මට තර්ජනය කළේ.”