ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානය ඉදිකිරීමේදී ඒ සඳහා අවශ්‍ය ටයිල් ලබා දීම සිදුකරන ලද්දේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් බව සිවිල් ජනතා අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්තිරිගේ මහතා ප්‍රකාශ කර තිබේ.
මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ධම්මික පෙරේරා මහතා විවේචනය නොකරන බව සඳහන් කිරීම විශේෂත්වයකි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විසින් ටිරාන් අලස් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ අකටයුතු කම් විවේචනය නොකරන්නේද එම පුද්ගලයින් අදාළ පක්ෂයේ අරමුදල් සම්පාදකයින් වීම නිසා බවද සඳහන් කර තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න .