ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ග්‍රාම නිලධාරී වසම් පහක් තුළ සිටින අවුරුදු පහට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 100 සඳහා කොස්වලින් පිළියෙල කරන ලද කොස් කොත්තු සහ කුරක්කන් කැඳ ලබා දීමේ වැඩසටහනක් පසුගිය 18 වනදා පැවැත්වූ බව වාර්තා වේ.
මෙම වැඩසටහන සඳහා එම දරුවන්ගේ දෙමව්පියන්ද සහභාගී වී සිට ඇති අතර පැමිණි සියලු දෙනාටම කොස් කොත්තු සකස් කරන ආකාරය සම්බන්ධයෙන් දැනුමක් ලබා දීමට ද කටයුතු කර තිබේ.
