අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ ඇඹුල් කෙසෙල් අක්කර 200ක සහ TEJC අඹ අක්කර 500ක වගා ව්‍යපෘති ඉතා සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වගාවන් ආරම්භ කළ අතර
TEJC අඹ ව්‍යාපෘතිය යටතේ චාවකච්චේරි , එළුතුමට්ටුවාල් ප්‍රදේශයේ අක්කර 500ක TEJC අඹ වගා කර තිබේ .
එමෙන්ම ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානය නිලාවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ .
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ව්‍යාපෘති දෙකෙහි ප්‍රගතිය සොයා බැලීම සඳහා යාපනය ප්‍රදේශයේ සංචාරය කළ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද සහභාගී වූ බව වාර්තා වේ .
මෙම කෘෂි ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළේ යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරන බවත් , TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැනට වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් බවත් ය.
