බන්ධනාගාර රැඳවියෙකු ගේ පහරකෑමට ලක්වූ ජේලර්වරයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රැඳවියෙකු ජංගම දුරකථනයක් ළඟ තබාගෙන සිටින බවට ලද තොරතුරක් මත පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බවට පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු පල්ලේකැලේ පොලීසිය විසින් සිදුකරනු ලබන බව සඳහන්.
