වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව රුපියල් බිලියනයක මුදලක් වන්දි ලෙස ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.
එයට හේතුව ලෙස සඳහන් වනනේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට අපහාස වන ආකාරයෙන් Truth With Chamiditha නම් අන්තර්ජාල වැඩසටහනේ දී කළ සාවද්‍ය ප්‍රකාශයයි.
ඊට එරෙහිව එම මැතිනියගේ නීතීඥවරයා විසින් ඇයගේ උපදෙස් මත චමුදිත සමරවික්‍රමට එරෙහිව එන්තරවාසියක් එවා තිබෙන බව සඳහන්. මෙම අන්තර්ජාල වැඩසටහනේදී කීර්ති රත්නායක නම් පුද්ගලයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිඳු කර යූ ටියුබ් වෙත එක් කර ඇති අදාළ වීඩියෝවේ සඳහන් වන පරිදි එම ප්‍රකාශය මඟින් තම සේවාදායිකාවගේ කීර්ති නාමයට හානි වී ඇති බව ඉදිරිපත් කර ඇති එන්තරවාසියේ සඳහන් කර තිබේ.
ඒ හේතුවෙන් එම වීඩියෝව හැකි ඉක්මනින් ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී ඇති අතර එසේ නොකරන්නේ නම් රුපියල් බිලියනයක මුදලක් දින 14ක් තුළ ගෙවන ලෙසටත් , මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට හෝ එලෙස කටයුතු කිරීම අපොහොසත් වන්නේ නම් අපරාධමය සහ සිවිල් යන අංශ දෙක යටතේම නීතිමය පියවරයන් ගැනීමට කටයුතු කරන බවත් එම එන්තරවාසියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.
