ජනපති සහ විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී ගැටෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ පනත පාර්ලිමේන්තුවේ විවාද කර ඉරිදා වන විට එය අනුමත කර දෙන ලෙසත් , ඊට බාධා නොකරන ලෙසත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06)  මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කළ අතර එහිදී ඊට විපක්ෂය බාධා නොකරන බවත් , විවාදය සඳහා අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යංශය විසින් නිසි වේලාවට ලබා දුන්නානම් ගැටලුවක් මතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එසේම මෙම පනතට සමගි ජන බලවේගය විරුද්ධ බවත් , පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරන ලදී.

Exit mobile version