අතුරුදන් වූ බිරිඳ සහ දරුවා සොයන ජපන් ජාතිකයා .

අතුරුදන් වූ තම ශ්‍රී ලාංකික බිරිඳ සහ දරුවා සොයා දෙන ලෙස ජපන් ජාතිකයෙකු විසින් පොලිස් සංචාරක කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ .

අතුරුදන් වූ බිරිඳ 54 හැවිරිදි වියේ පසු වන බවත් , දරුවා 15 හැවිරිදි වියේ පසු වන අයෙක් බවත් සඳහන් .

මොවුන් දෙදෙනා අගෝස්තු මස 22 වන දින ලංකාවට පැමිණ පසුව ඔවුන් නැවත ජපන් රටට නොපැමිණි බව සඳහන් කරමින් කාන්තාවගේ ස්වාමියා ලෙස ජපන් ජාතික පුද්ගලයා පොලිස් සංචාරක කොට්ඨාසය වෙත ඊමේල් මාර්ගයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළේ පොලිස් සංචාරක කොට්ඨාසය විසින් ජපන් ජාතිකයා ලබා දී ඇති ලංකාවේ ලිපිනයන් වලට අනුව ඒ සම්බන්ධව සොයා බැලීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි .

Exit mobile version