පාසල් වාර විභාග පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබුණත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන්නේ සිසු දරුවන්ගෙන් මුදල් අය කර විභාගය පැවැත්වීම සඳහා බවත් , පාසල් මට්ටමින් දරුවන්ගෙන් වාර විභාගය සඳහා මුදල් එකතු කරන්නෙ නම් එය දරුවන්ට සිදු කරන විශාල අසාධාරණයක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම පාසල් උපකරණ , ප්‍රවාහන ගාස්තු ආදිය ඉහළ ගොස් ඇති පසුබිමක වාර විභාගය සඳහා දරුවන්ගෙන් මුදල් අය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම අදහස වහාම ඉවත් කර ගන්නා ලෙස ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
