සාන්තුවරයන්ගේ සටනේ ජය ජෝසප් හිමි කර ගනී.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති සාන්තුවරයන්ගේ එක්දින තරගය ජය ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය අද (30) සමත් වූ බවට වාර්තා වේ.

කොළඹ එස්.එස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර් විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 156ක් රැස් කළ බව සදහන්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝසප් විද්‍යාලය පන්දුවාර 40 යි පන්දු දෙකක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කර තිබේ.

Exit mobile version