ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් අතරතුර ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ .
ඔහුව මේ වන විට බොරැල්ල පොලිසියේ රඳවා ඇති අතර
මෙම විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී මෙලෙස කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, යෝජිත කම්කරු නීති හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ඇතුළු අයි.එම්.එෆ් යෝජනා යනාදියට විරෝධය පළකරමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ බව වාර්තා වේ .
