ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව කල් යයි.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුලි මස 25 වනදා දක්වා කල් තැබීමට අභියාචානාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ . මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත  විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළ බව වාර්තා වේ.

සමාජ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

Exit mobile version