අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස් කෙරුවාව පැහැදිලි කරයි.

මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය අනුගමනය කරන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මේ දක්වා සමාජයේ තිබූ නිළ නොවන කතා සත්‍යයක් බවට පත් කරමින් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා රටේ නීතිය හා පොලීසියේ හැසිරීම් ගැන දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය .

පොලීසිය කරනු ලබන වැරදි නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පොලීසිය මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු පැවරීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කරන බවද ඒවා බොහෝදුරට  සත්‍ය බව තහවුරු වී ඇති බවද ඇමති වරයා කියයි.

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,

“ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලීසිවලින් සාම්පල 20 – 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණ විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවෙකු ඉදිරිපත් කලත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ විෂ මත්ද්‍රව්‍ය අඩංගු නැහැ. පළිගැනීමට බොරු චෝදනා දානවා කියලා ජනතාව කියනවා. එහි යම් සත්‍යයක් තියෙනවා. ඉදිරි සතිවලදි දැඩි නිරීක්ෂණයක් කරනවා.”
විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරය තුල දඩුවම් ලබන වැරදි කරුවන් රැසක් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරු වී සිටිනවා .ඔවුන් පිළිබඳව සොයා බලා නිදහස් කිරීමට නිර්දේශ ලබා දීමට විශේෂ කමිටුවක් පත් කරනවා.

සරත් සමරනායක

Exit mobile version