කඳුරටට ආයෙත් කොටි බියක්.

නෝටන්බ්‍රීජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය, පතන හා ඩබල්කටින් යන ප්‍රදේශ වල මේ දිනවල සැරිසරන කඳුකර කොටියන් නිසා තමන් දැඩි බියකට පත්ව සිටින බවට එම ගම්මානවල ජනතාව පවසා ඇති බව වාර්තා වේ.

ජනයා පවසන්නේ නිවෙස්හි ඇතිකරන සුනඛයින් රැසක් අතුරුදන්ව ඇති බවත් ඇඳිරි වැටීගෙන එන අවස්ථාවල මෙම කඳුකර කොටියන් ගම්මානයේ හා මාර්ගවල සැරිසැරීම නිසා පස්වරු 06.00 න් පසුව නිවෙස් වලින් පිටතට යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.

මෙම ගම්මානවල ගම් වැසියන් කීප දෙනෙක් කොටියන් දැක ඇති බවත් පවසා තිබේ.

මේ සම්බන්ධව වනජීවි නිලධාරීන්ගේ කඩිනම් අවධානයට ලක්විය යුතු බවට ප්‍රදේශයේ ජනතාව අවධාරණය කර සිටිති.

Exit mobile version