කඩුවෙල නිරුවත් සිරුර හඳුනා ගැනේ.

කඩුවෙල වැව පාර ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළ කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව හමුවූ මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව වාර්තා වේ .

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගොතටුව නින්ද හේන පසිඳු චාමර මධුශංක නමැත්තෙක් වන අතර මොහුව කිසියම් පිරිසක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් වැල්ලම්පිටිය ප්‍රදේශයට ගිය බවත් , මළ සිරුර තිබූ ස්ථානයේ ජංගම දුරකථන දෙකක් මෙන්ම රතු පාටට හුරු තොප්පියක් පොලිසිය මඟින් සොයා ගත් බව වාර්තා වේ .

Exit mobile version