කළුබෝවිල රෝහලට මළ සිරුරු භාර ගැනීම නවතයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලට පොලිසිය විසින් ගෙන එනු ලබන නාදුනන මළ සිරුරු අද (06)සිට භාර නොගන්නා බව රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෘත ශරීරාගාරයක මළ සිරුරු 36ක් තැන්පත් කළ හැකි අතර රෝහලේ මෘතශරීරාගාරයේ ධාරිතාවය ඉක්මවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් ,රෝහලට පිටින් ගෙන එනු ලබන මළ සිරුරු අද සිට භාර නොගන්නා බව ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි සියලුම ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී තිබේ.

Exit mobile version