කඳපොල – රාගම මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමේ.

කඳපොල නගරයේ සිට කොන්කෝඩියා වතුයාය හරහා රාගල දක්වා මාර්ගය කොන්කෝඩියා වතු ප්‍රදේශයේදී නායයාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දමා ඇති බව වාර්තා වේ .

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ පවතින අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ විශාල කොටසක් නායයාමකට ලක්ව පවතින බවත්, එම මාර්ගය භාවිතා කරනු ලබන පිරිස් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙසත් ය.

වතු හා ගම්මාන රැසක ජනතාව හා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින විශාල පිරිසක් දෛනිකව මෙම මාර්ගය භාවිතා කරන අතර මේ හේතුවෙන් එම පිරිස් දැඩි දුෂ්කතරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇති බව ද වාර්තා වේ .

Exit mobile version