මහනුවර ඇසළ පෙරහැරේ දින ප්‍රකාශයට පත් කෙරේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින්  මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අගෝස්තු මස 17 වනදා සිට අගෝස්තු මස 31 වනදා දක්වා මෙම පෙරහැර මංගල්‍යය  පැවැත්වෙන බවත් , අගෝස්තු 17 වන දින සිදු කරනු ලබන කප් සිටුවීම පෙරවරු 6.12 ට සිව් මහා දේවාල වල සිදු කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සදහන් කර තිබේ.

එමෙන්ම අගෝස්තු මස 21 වනදා සිට අගෝස්තු මස 25 වන්දා දක්වා කුඹල් පෙරහැරත් , 26 වනදා සිට 30 වනදා දක්වා රන්දෝලි පෙරහැරත් පැවැත්වෙන අතර 31 වනදා දියකැපීමේ මංගල්‍යය සිදු කර , එදිනම දහවල් පෙරහැර පවත්වා , පස්වරුවේ ජනාධිපතිවරයා හට පෙරහැර සංදේශය භාර දීම සිදු කිරීමට නියමිතව තිබෙන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version