ඝාතන රැසක සැකකරුවෙක් වන කන්නයියා අල්ලයි.

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන නිපුණ සහ චාමරගේ ප්‍රධාන ගෝලයා වන කන්නයියා පොලිස් විශේෂ කර්‍ය බලකාය විසින් ඊයේ (08)  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම මොහු සන්තකයේ තිබී ටී 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ හෙරෝයින් ග්‍රෑම් 31 මිලි ග්‍රෑම් 100 ක් තිබි සොයා ගෙන තිබේ.

මීට අමතරව තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීම හා තුවාල සිදු කිරීම් ඇතුළු සිද්ධීන් 8 කට මෙම කන්නයියා නැමැත්තාට චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් වේ.

Exit mobile version