කතරගම පාගමනින් යන්න අලුත් පිවිසුමක්.

කතරගම දේවාලය බලා පා ගමනින් යන බැතිමතුන් සඳහා ඔකඳ වනජීවී පිවිසුම අද (12) සිට විවෘත කර ඇති බවත් , ලබන 25 වනදා දක්වා මෙම පිවිසුම විවෘතව පවතින බවත්  වාර්තා වේ.

ඒ අනුව යාපනය , මඩකලපුව ඇතුළු විවිධ ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් විශාල ප්‍රමාණයක් ඔකඳ දේවාලයේ නවාතැන් ගෙන අද (12) දින ඔවුන් කතරගම සුරිදුන් වන්දනාව සඳහා පිටත්ව යාම ආරම්භ කර ඇති  අතර පානම පොලිසිය විසින් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන බව සඳහන්.

Exit mobile version