කතරගමදී වෙඩිතැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙක් පමණ කඩු සහ ගිනිඅවි සහිතව පැමිණ තිබූ බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරියෙකුත් සැකකරුවන් අතර සිටින බවට වාර්තා වේ.
පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයින් පැනගොස් දිවි බේරාගෙන තිබේ.