සරසවි ප්‍රදේශයේදී කතක් අත්අඩංගුවට .

ඊයේ (30) දින සවස් කාලයේදී අගුලාන පොලිස් වසමේ සරසවි ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අගුලාන පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 62ක් වන අගුලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද (31) දින මොරටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අගුලාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version