ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කතක් කොටු .

ඔන්ලයින් හරහා ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

26 හැවිරිදි අදාළ කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුදල් වංචාව සඳහා යොදාගත් සිම් කාඩ්පත් 175ක් සහ ATM කාඩ්පත් 5ක් විමර්ශන නිලධාරීන් සිය භාරයට ගනු ලැබූ බව සදහන්.

Exit mobile version